Need more info?

Everything You Need to Know About BeSTie

Want to know more?

Frequently Asked Questions

What is BeSTie?

මොකද්ද මේ App එක?

BeSTie, ජෛව පද්ධති තාක්ෂණවේදය සිසුන් සඳහා නිර්මාණය කරන ලද අධ්‍යාපනික ජංගම යෙදුමකි. BeSTie මඟින් ඔබට උසස් තත්ත්වයේ ඉගෙනුම් උපකාරක, ක්‍රියාකාරකම් සහ පහසු, නව්‍ය ඉගෙනුම් අත්දැකීමක් ලබා ගැනීමට හැකිවේ. Biosystems Technology සඳහාම වූ එකම අධ්‍යාපනික ජංගම යෙදුම වන මෙය අන්තර්ක්‍රියාකාරී පාඩම්, ප්‍රශ්නාවලි, ආකෘති පත්‍ර,කෙටි සටහන්, පසුගිය ප්‍රශ්නපත්‍ර සහ තවත් බොහෝ දෑ වලින් සමන්විත වේ. මීට අමතරව BeSTie හරහා සිසුන්ට තවත් සිසුන් සහ විෂය ප්‍රවීණයන්ගේ ප්‍රජාවක් සමඟ සම්බන්ධ වීමට හැකියි. එහිදී ඔවුන්ට ඔවුන්ගේ ඉගෙනීමේ අත්දැකීම් වැඩි දියුණු කිරීම සඳහා සහාය සහ මග පෙන්වීම ලබා ගත හැකිය. සිසුන්ට විෂය සම්බන්ධ ප්‍රශ්න ඇසීමට සහ සෙසු සිසුන්ගෙන් සහ ප්‍රවීණයන්ගෙන් පිළිතුරු ලබා ගත හැකි අතර විවිධ මාතෘකා පිළිබඳ සාකච්ඡා වල නිරත විය හැක.

For Teachers

ඔබ BST ගුරුවරයෙක්ද?

ඔබ ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය උගන්වන ගුරුවරයෙකු නම්, ප්‍රශ්නපත්‍ර, කෙටි සටහන් ඇතුළු ඉගෙනුම් උපකාරක සකස් කිරීමට ඔබ කැමති නම් ඒ සඳහා ඔබට අවස්ථාව ලබා දෙන්නට අප සුදානම්. ඒ සඳහා ඔබ කල යුත්තේ ඔබේ විස්තර, ඔබ දායක වීමට කැමති මොන ආකාරයටද යන විස්තර දන්වා අප වෙත පණිවුඩයක් එවීම පමණයි. අප සම්බන්ද කර ගැනීමට පහල Contact Form එක, WhatsApp Number එක හෝ අපගේ Facebook පිටුව භාවිතා කල හැකියි. මීට අමතරව ඔබ උපකාරක පන්ති පවත්වන හෝ පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් ඔබගේ පන්ති පිළිබඳව BeSTie හි දැන්වීම් පල කිරීමටත් ඔබට අවස්ථාව තිබේ. ඒ සඳහා ඔබේ විස්තර සඳහන් කර අපට පණිවුඩයක් යොමු කරන්න.

Downloading the App

කොහොමද App එක Download කර ගන්නේ?

BeSTIe App එක ඔයාට ලේසියෙන්ම නොමිලේ Download කරගන්න පුළුවන්. ඒ සඳහා ඔයාගේ Phone එකෙන් Google Play Store එකට ගිහින් BeSTie කියල search කරන්න. දැනට App එක තියෙන්නේ Android Phone වලට විතරයි. ඉස්සරහට අපි iPhone වලටත් App එක දෙන්න බලාපොරොත්තු වෙනවා. App එක Download කරගැනීමේදී හෝ පාවිච්චි කිරීමේදී මොනයම් හෝ ගැටළුවක් ආවොත් පහල Contact Form එකෙන්, WhatsApp, Facebook වලින් අපිව contact කරගන්න.

BeSTie Pro

BeSTie Pro කියන්නේ මොකක්‌ද?

නොමිලේ ගන්න පුළුවන් BeSTie App එකේ ඔයාට හම්බවෙන්නේ Notes, Past Papers, Ask Questions වගේ දේවල් ටිකක්. BeSTie Pro වලින් MCQ Sets, Quiz, Model Papers, Practical ඇතුළු හැමදේමටම ප්‍රවේශය ලැබෙනවා. 12 සහ 13 සියලුම පාඩම් ආවරණය වන ආකාරයට සකස් කරන ලද කෙටි ප්‍රශ්න කට්ටල විශේෂයෙන්ම විෂය කරුණු මතක් කරගන්න, ලේසියෙන් පාඩම් මතක තියාගන්න උදව් වෙනවා. මීට අමතරව ප්‍රශ්නාවලි , ආදර්ශ ප්‍රශ්න පත්‍ර වගේ ගොඩක් දේවල් BeSTie Pro වලින් ඔබට ලබා ගන්න පුළුවන්.

Payment

Payment කරන්නේ කොහොමද?

ගෙවීම් කරන්න ක්‍රම කිහිපයක් තියෙනවා. ඔයාට ලේසි ක්‍රමයකට Payment කරන්න පුළුවන්. ඒවගේම BeSTie Pro ගන්න බලාපොරොත්තු වෙන ඔබට ලබා ගන්න පුළුවන් Discount සහ Offers ගැනත් වැඩි විස්තර Payment Page එකෙන් දැනගන්න පුළුවන්.

Contact Us

Get In Touch With Us Now

Send us your comments, suggestions and complaints. In addition, send us the problems you face related the App. We will provide solutions for them as soon as possible. ඔබගේ අදහස්, යෝජනා සහ පැමිණිලි අපට එවන්න. ඊට අමතරව, යෙදුම සම්බන්ධ ඔබ මුහුණ දෙන ගැටළු අපට එවන්න. අපි ඔවුන්ට හැකි ඉක්මනින් විසඳුම් ලබා දෙන්නෙමු.

Feel Free To Leave Us a Message



Follow Us